කොකේන් වලට ඇබ්බැහි වුනේ පාවිච්චි කලහම කෙල්ලෝ එක්ක වැඩි වෙලාවක් සතුටු වෙන්න පුලුවන් නිසයි


මම තාත්තාගේ එකවුන්ට්‌ එකෙන් ප්රකෝටි ගානක්‌ ඇද්දා

ලස්‌සන කෙල්ලො දකිනකොට මාව නලියනවා

මගේ ගම මීගමුව.මම පාසල් ගියේ මීගමුවේ ප්රසිද්ධ පාසලකට.සාමාන්ය පෙළ විභාගයෙන් පස්‌සේ අධ්යාපන ගමන නතර වුණා.සාමාන්ය පෙළ විභාගය පාස්‌ වුණෙත් විභාග ශාලාවේ හිටපු මිස්‌ලා සර්ලාට රුපියල් පන්දාහ ගානේ සල්ලි දීලා

මම නෙමෙයි විභාගය ලිව්වේ ඒ ගුරුවරු.ඉස්‌කෝලේ හය වසර ඉඳලා මම වැඩිපුර කාලය ගත කළේ තාත්තගේ වියාපාර ස්‌ථානයේ.තාත්තත් මාව පුංචි කාලේ ඉඳලා යොමු කළේ වියාපාර පැත්තට

අපේ තාත්තා පිටරටින් බඩු ආනයනය කරන ප්රසිද්ධ වියාපාරිකයෙක්‌.අම්මත් තාත්තාගේ වියාපාරවලට හවුල් වුණා.මට බාල නංගියි මල්ලියි.ඒ දෙන්නා හොඳට ඉගෙන ගන්නවා.මම පුංචි කාලේ ඉඳලා ඇට්‌ටරයි.ජීවිතයේ පළමු වරට දුමක්‌ ඉරුවේ අවුරුදු පහේදී

ඒ සියා බීලා ඉතුරු කරපු බීඩියක්‌ පත්තු කරලා බීලා.ඉස්‌කෝලේ යනකොට හය හත වසරවල ඉඳලා අපි යාළුවෝ කිහිප දෙනෙක්‌ සිගරට්‌ බිව්වා.ගංජා බිව්වා.නවය දහයට පාස්‌ වෙනකොට හවස ගෙදර ගියේ අරක්‌කු බීගෙන.මුලින්ම නයිට්‌ ක්‌ලබ් එකකට ගියේ එකොළහ වසර පන්තියේ ඉගෙන ගන්න කාලේ

ඒ සීදුවේ නයිට්‌ ක්‌ලබ් එකකට.ඒ කාලේ හැටියට මම රුපියල් පනස්‌දාහක්‌ ක්‌ලබ් එකට අරගෙන ගියා.සල්ලි ගත්තේ තාත්තාගේ කඩේ ලාච්චුවෙන්.ඒ වගේ ගාණක්‌ ගත්තා කියලා අපේ තාත්තට දැනුණේ නෑ.ඊට පස්‌සේ මම දවස්‌ තුනකට සැරයක්‌ වගේ තාත්තාගේ ලාච්චුවෙන් පනස්‌දාහක්‌ අරගෙන නයිට්‌ කල්බ් ගියා

ඒක අමුතුම ලෝකයක්‌.මම ඒ ලෝකයට වශී වුණා.අත දිගහැරලා සල්ලි වියදම් කළා.විස්‌කි බ්රැන්ඩි බෝතල් පිටින් ගත්තේ.ස්‌ටූල් එක පිරෙන්න බයිට්‌ සිගරට්‌.මගේ වටේට එන්න ගෑනු පොරකෑවා.එහෙම යනකොට නයිට්‌ ක්‌ලබ් ආතල් එකට ඇඩික්‌ වුණා

දවස ගානේම රෑ පහන් කළේ නයිට්‌ ක්‌ලබ්වල.කටුනායක සීදුවේ නයිට්‌ ක්‌ලබ්වල ෆන් මදි වෙනකොට කොළඹ ක්‌ලබ්වලට බහින්න පටන් ගත්තා.එක රෑට ගෑනු දෙතුන් දෙනා එක්‌ක එකට හිටියා.එතකොට මම තාත්තාගේ සල්ලිවලින් රුපියල් ලක්ෂය දෙක ගන්නවා

ලක්ෂ පහ ගත්ත දවසුත් තියෙනවා.හොරකම් කරන එකත් සූක්ෂමව කළා.සල්ලි මිටි පිටින් ඉස්‌සුවේ නෑ.හැම බණ්‌ඩලයකින්ම සල්ලි ඇද්දා.ඒ නිසා තමයි තාත්තට තේරුණේ නැත්තේ.එතකොට අපේ තාත්තගේ මාසික ආදායම කෝටි හතරක්‌ පහක්‌

මගේ නිශාචර ජීවිතයේදී යාළුවෝ ඕන තරම් හිටියා.විවිධාකාර චරිත.හැබැයි සේරම සල්ලිකාරයන්ගේ ළමයි.ඒ වෙනකොට මම නයිට්‌ රේසුත් පදිනවා.මගේ සියලු ජවනිකා තියෙන්නේ රෑට.බස්‌සෙක්‌ වගේ තමයි.කළුවර වෙනකොට ගෙදරින් පනිනවා.උදේට තාත්තා නැඟිටින්න ඉස්‌සර වෙලා සීරූවට කාමරයට ඇතුළු වෙනවා

ඔය විදිහට ජීවිතය අයාලේ යනකොට දවසක්‌ කොළඹ නයිට්‌ ක්‌ලබ් එකකදී පෝලන්ත සුද්දියෝ හතර දෙනෙක්‌ සෙට්‌ වුණා.ඒ සුද්දියොත් එක්‌ක හොඳට විස්‌කි බ්රුන්ඩි බීලා සතුටු වෙනකොට ෆන් එක මදි මේක ගමු කියලා ඒ ගෑනු ඇඳුම් ඇතුළේ සඟවගෙන හිටපු කොකේන් ගත්තා.එදා තමයි මම ප්රථම වතාවට කොකේන් බිව්වේ.එදා මගේ ජීවිතයේ වෙනනම පිටුවක්‌ පෙරළුණා

ඇල්කොහොල් මොනවද

මේක තමයි ෆන් එක කියලා මම කොකේන්වලට වශී වුණා.ඒකට ප්රධානම හේතුව වුණේ කාන්තාවන් එක්‌ක වැඩි කාලයක්‌ සතුටු වෙන්න පුළුවන්වීම.ඒ සුද්දියෝ ලංකාවේ ඉන්නකම් රෑට රෑට ක්‌ලබ්වල සෙට්‌ වුණා.එළිවෙනකම් කෝකේන් ගත්තා

සුද්දියෝ එක්‌ක සතුටු වුණා.ඒ සුද්දියෝ ලංකාවෙන් යනකොට මම කෝකේන්වලට හොඳටම ඇඩික්‌ වෙලා.පස්‌සේ මම කෝකේන් සල්ලිවලට ගත්තා.පුංචි කෑල්ලක්‌ දහඅටදාහයි විසිදෙදහයි.එක දවසට රුපියල් ලක්‍ෂ දෙකේ කොකේන් බිව්වා.අන්තිමේ මගේ නාහෙන් ලේ එන්න පටන් ගත්තා

කට පැත්තට ගියා.කබ වැක්‌කෙරුණා.මුත්රා යනකොට ලේ ගියා.කෝකේන් බිව්ව ගමන් ඒ සේරම ලෙඩ සුවයි.ඇඟට මාර ශක්‌තියක්‌ එනවා.කෝකේන් ඇඟ ඇතුළේ තියෙනකම් යකා වගෙයි.ඒ වෙනකොට මම තාත්තගේ සල්ලි සෙප්පුවටත් බැහැලා.හිටි ගමන් ලක්ෂ දහය දොළහ අදිනවා.නයිට්‌ කල්බ් ගිහිල්ලා ගෑනු එක්‌ක ආතල් අරගෙන දවස්‌ දෙකක්‌ කෝකේන් ගත්තම ඒ සල්ලි ඉවරයි

ඒ වෙනකොට බෝලෙ වගේ හිටිය මම ඉරට්‌ට වගෙ හීන් වුණා

පුතේ ඔයා කෙට්‌ටු වෙනවා වැඩියි.අපි ඩොක්‌ටර් කෙනෙක්‌ට පෙන්නලා චෙක්‌ කරලා බලමු.මාව දකින හැම වේලාවකදීම අම්මයි තාත්තායි එහෙම කිව්වා.එතකොට මම නයිට්‌ කල්බ් යනවා ගෑනු එක්‌ක ඉන්නවා කියලා තාත්තා දැනගෙන හිටියා.මම මොනවා හරි මත්ද්රව්යක්‌ ගන්න බවත් තාත්තාට තේරිලා තිබුණා

තාත්තා හිමීට සල්ලි බ්ලොක්‌ කළා.එතකොට මම තාත්තාගේ එකවුන්ට්‌වලින් සල්ලි ඇඳලා මගේ එකවුන්ට්‌ එකට දාගත්තා.එකවුන්ට්‌ එකේ සල්ලි අඩු වෙලා කියලා තාත්තා දැනගත්තේ මාසේ අන්තිම.එතකොට අවුරුද්දකට විතර ඇති වෙන්න මම සල්ලි ඇඳගෙන ඉවරයි

මචං ඔය විදිහට කෝකේන් බිව්වොත් අපි හිඳෙනවා.අපි කුඩු ටිකක්‌ අරගෙන බලමු.දවසක්‌ මගේ යාළුවෙක්‌ එහෙම යෝජනාවක්‌ ගෙනවා.කෝකේන්වලට වියදම වැඩි නිසා මමත් ඒකට කැමැති වුණා.එතකොට කුඩු ග්රෑම් එකක්‌ නවදහස්‌ පන්සීයයි.කොකේන් නැතිව ඉන්නකොට නාහෙන් ලේ ගලන එක වගේ ලෙඩ කුඩු බිව්වමත් නැති වුණා

කොකේන්වලට වඩා කුඩුවල පීලින් එකත් වැඩි කියලා මට දැනුණා.වියදමත් අඩුයි.පස්‌සේ මම කෝකේන් පැත්තකටම දාලා කුඩු ගත්තා.ඈස්‌ ගත්තා.ගංජා බිව්වා.පෙති ගත්තා.නයිට්‌ කල්බ් බැස්‌සා.ඇල්කොහොල් ගත්තා.ගෑනු එක්‌ක හිටියා.ජීවිතේම ෆන්.විනෝද වෙන්න ගෑනු එක්‌ක සිංගප්පූරු තාලයින්තයට ගියා

ජීවිතේ නොගත්ත මත්ද්රව්යත් පතායාවලදී ගත්තා.ලංකාවට ඇවිත් ඒ මත්ද්රව්ය හොය හොය ඇවිද්දා

ඒ වෙනකොට මම කුඩුවලට තදින්ම ඇබ්බැහි වෙලා කියලා තාත්තා දැනගෙන හිටියා.මට දීලා තිබුණු වාහනය ගත්තා.මට සල්ලි ලැබෙන සියලු මාර්ග බ්ලොක්‌ කළා.කරන්නම දෙයක්‌ නැති තැන මම අම්මාගේ ලාච්චුවල තියෙන සල්ලි ගත්තා.ගෙදර රත්තරං බඩු උස්‌සලා විකිණුවා.මගේ කරේ පවුම් අටක චෙන් එකක්‌ තිබුණා

දවසකට පවුම් බාගේ ගානේ ඒක කපලා විකුණලත් කුඩු බිව්වා.අපේ තාත්තා මට නොවැඳ කිව්වා හොඳ මිනිහෙක්‌ වෙයං පුතේ කියලා.මාව දැක්‌කම අම්මට කතා කරගන්න බෑ අඬනවා.ඒ වෙනකොට මමත් ගෙදර අයට මුහුණ දෙන්න වැඩිය ආවේ නෑ.වැඩිපුරම හිටියේ එළියේ.පස්‌සේ තාත්තා මාව චීනයට යෑව්වා.එහෙත් අපේ බිස්‌නස්‌ තියෙනවා

මාස තුනකට වීසා ගහලා පිටත් කළේ.මම දවස්‌ හතෙන් ලංකාවට ආවා.ඒ සිද්ධිය වුණේ 2013 අවුරුද්දේ.චීනෙ ඉන්නෙ නැතුව ලංකාවට ආවහම මාව දැම්මා මැනේඡ්මන්ට්‌ කෝස්‌ එකකට.රෑට නිදිමරලා උදේට පන්තියට ගියම නිදි කිරා වැටෙනවා.ඒකත් සෙට්‌ වුණේ නෑ.ඊට පස්‌සේ 2015 අවුරුද්දේ තාත්තා මාව ඩුබායි යෑව්වා

ඩුබායිවලදී හොඳ ජොබ් එකක්‌ සෙට්‌ වෙලා මාස හත අටක්‌ වැඩ කරගෙන ඉන්නකොට කුඩු සෙට්‌ වුණා.සේප් එකේ කුඩු අරගෙන ජොබ් එකත් කරගෙන මාසේ අන්තිමට තාත්තාට සල්ලිත් දැම්මා.මගේ සල්ලි තාත්තට වැඩක්‌ නෑ.මට ඕනෑ වුණේ මම හැදිලා කියලා තාත්තට පෙන්වන්න.එහෙම ඉන්නකොට දවසක්‌ තාත්තා මට කතා කරලා කිව්වා ලංකාවට එන්න කියලා.ඊළඟ දවසේම මම ලංකාවට ආවා

ලංකාවට ආපු මුල් දවස්‌ ටිකේ රත්තරං පොරවගෙන සුපිරි ෆොන් තියාගෙන හරි ලස්‌සනට හිටියා.දැන් මම පරණ ජීවිතය අතහැරල.තාත්තාගේ බිස්‌නස්‌වලට සෙට්‌ වෙලා ඉන්නේ.යාළුවන්ට කිව්වේ එහෙම.ඔහොම ඉන්නකොට දවසක්‌ මට හිතුණා එක සැරයක්‌ කුඩු චුට්‌ටක්‌ අරගන්න ඕනෑ කියලා.ඒ ගත්තා ගත්තමයි ආයෙමත් කුඩුවලට ඇඩික්‌ වුණා

එක දිගට කුඩු ගන්නකොට ආයෙමත් ගෙදරින් මාව ඩුබායි යෑව්වා.ඒ ගිහින් මාස දෙකෙන් මම ලංකාවට ආවා.ඒ ඇවිල්ලත් කුඩු බිව්වා.අම්මා කෑගහනකොට ගෙදරින් තරහා වෙලා ආයෙමත් මම ඩුබායි ගියා.එතකොට ගෙදරින් තරහා වුණත් යන්නේ ඩුබායි.සික්‌ කඩා ගන්න යන්නෙත් ඩුබායි.කුඩු නැතිව ජීවිතයක්‌ නැතිම වුණා

2017 ජනවාරි මාසේ තාත්තා මාව පුනරුත්ථාපන කඳවුරකට අරගෙන ගියා.එතැන මාස හයක්‌ විතර ප්රතිකාර ගත්තා.එකේ ඉඳලා ගෙදර ඇවිත් නියමෙටම හිටියා.සිගරට්‌ එකක්‌වත් බිව්වේ නෑ.ගෙදර අයටත් පුදුමයි.ජිම් එකකට ගිහින් ඇඟ හොඳට හැදිලා හම පාට වැටිලා ආවා.ඒ ජිම් එකට ලස්‌සන කෙල්ලෝ කිහිපදෙනෙක්‌ ආවා

ලස්‌සන කෙල්ලො දකිනකොට මාව නලියනවා.එතකොට මගේ අතේ අයි ෆොන්.මම හොඳට ඉන්න නිසා තාත්තා පත චේන් එකක්‌ බෙල්ලට දාලා තිබුණා.මමත් ෆුල් ස්‌මාර්ට්‌.කෙල්ලො සෙට්‌ එක එක එකාට හොරෙන් මට ඉඟිබිඟි පෑවා.සුපිරි වාහනයකින් මම බැස්‌සට කොහේටවත් යන්න අතේ සල්ලි නෑ.ගෙදරින් ඉල්ලන්නත් බෑ.සල්ලි දෙන්නේ ලිමිට්‌.කරන්නම දෙයක්‌ නැති තැන තාත්තාගේ ලාච්චුවෙන් ලක්ෂක්‌ ඇද්දා

ඒ සල්ලි අරගෙන ජිම් එකට ආපු කෙල්ලො හතර දෙනෙක්‌ව ඩිනර් එකකට අරගෙන ගියා. පිරි පාටියක්‌ දුන්නා.අන්තිමේ හතර දෙනා එක එකාට හොරෙන් මට කතා කරලා අනිත් කෙල්ලන්ගේ අඩු පාඩු කියනවා.ඒ හතර දෙනාටම ඕන වෙලා තිබුණේ මාත් එක්‌ක සෙට්‌ වෙන්න.මමත් ඔව් එයා හොඳ නෑ.ඔයා තමයි හොඳ කියලා හතරදෙනා එක්‌කම සෙට්‌ වුණා

ඒ කෙල්ලොත් එක්‌ක එහේ මෙහේ යනකොට සෙක්‌ස්‌ පිලීන් එක වැඩිපුර ගන්න කුඩු චුට්‌ටක්‌ ගන්න ඕනෑ කියලා හිතුණා.දෙවැනි එකා එක්‌ක යනකොටත් කුඩු චුට්‌ටක්‌ ගත්තා.ඔහොම දවස ගානේ කුඩු බිව්වා.අසීස්‌ ගත්තා.කට කියනවා එපා එපා කියලා.හිත කියනවා අදට විතරක්‌ ගනිං කියලා.අන්තිමේ ඉබේම ආයෙත් කුඩුවලට ඇබ්බැහි වුණා

එතකොට තාත්තා මාව බිස්‌නස්‌වලට හවුල් කරගෙන ලක්ෂ හාරසිය පනහක ජීප් එකක්‌ අරගෙන දෙන්න බලලා තිබුණේ.ආයෙමත් මම කුඩු බොනවා කියලා දැනගත්ත ගමන් ජීප් එක අරගෙන දුන්නේ නෑ.මට දීලා තිබුණු ජීප් එකත් ගත්තා.මේ පන්සලට එන්න පෙර අවසාන මාස දෙකට මම ලක්ෂ දහතුනක කුඩු බීලා ගෑනු එක්‌ක හිටියා

ආයෙමත් බින්දුවටම වැටුණා.පාට වැටිලා හැදීගෙන ආපු ඇඟත් වැහැරිලා ගියා.කුඩු නතර කරන්න තාත්තා නවලෝක ඉස්‌පිරිතාලයට අරගෙන ගිහින් ඩොක්‌ටර් කෙනෙකුට පෙන්නුවා.ඇඟේ ලේ මාරු කරන්න හැදුවා.මම නිසා අම්මා තාත්තා ගොඩක්‌ දුක්‌වින්දා

කුඩු බොන්න පටන් ගත්තේ මට අවුරුදු දහ අටේදී.මේ වෙනකොට තාත්තාගේ සල්ලි ප්රකෝටි ගාණක්‌ නැති කරලා තියෙනවා.අම්මගේ රත්තරං බඩු සේරම උකස්‌ කළා.ගෙදර සමගිය නැති වුණා.අම්මා මට බනිනකොට මම අත පය කපා ගන්නවා.එක පාරක්‌ තාත්තා වෙඩි තියාගන්නත් ගියා.ගෙවල් දොරවල් විකුණලා යන්න හැදුවා

තාත්තා ඒ හැම දේම කළේ මට තියෙන ආදරයට.ඒත් මම පුදුම විදිහට අම්මටයි තාත්තාටයි දුක්‌ දුන්නා.මට ඕනෑ වුණේ තාත්තට වඩා පොරක්‌ වෙන්න.තැනකට ගිහිල්ලා අර ඉන්නෙ මගෙ අම්මා කියන්න ලැඡ්ජයි.මම දකින මම ඇසුරු කරන සමාජයේදී මට අම්මාව පොෂ් මදි.මම හිටපු සමාජයේ දුවයි අම්මවයි අඳුරන්න බෑ

මගේ සල්ලි වාහනවලට රැවටිලා සමහර අම්මලා දුව දෙන්න ඕනෑ නිසා අම්මත් මාත් එක්‌ක ඉඳලා තියෙනවා.සල්ලි රත්තරං පෙන්නලා වියදම් කරලා ඉස්‌කෝලේ මිස්‌ලා එක්‌ක හිටියා.හීට්‌ වෙන්නෙ මොන නිළියද නයිට්‌ කල්බ් එකේදී සෙට්‌ කරගත්තා.රට රටවල හිටිය හැම දවසක්‌ම ගෑනු එක්‌ක හිටියා

ලස්‌සන කෙල්ලෙක්‌ දැක්‌කොත් ලක්ෂ ගාණක්‌ වියදම් කරලා හරි මම ලබා ගත්තා.මොන රූප සුන්දරියට ආදරය කළත් මාත් එක්‌ක එක වතාවක්‌ සෙක්‌ස්‌ කළොත් මට එපා වෙනවා.ඒ නිසා කිසිම කෙල්ලෙකුට මම ආදරය කරලා නෑ.මගේ ජීවිතේ වෙලා තිබුණේ කෑම බීම ගෑනු

කරා පොරක්‌ විදිහට සමාජයේ කැපී පෙනෙන්න.තාත්තාගේ සල්ලි නිසා ඒ හැම දෙයක්‌ම වින්දා.අන්තිමේ මම චාටර්ම පොරක්‌ වුණා

කිලෝ මීටර් ගණන් පයින් ඇවිදගෙන ගිහින් කුඩු බොන තත්ත්වයට වැටුණා.සිගරට්‌ එකක්‌ බොන්න සල්ලි නැතිව බීඩි බිව්වා.සල්ලි නැති වෙනකොට මට පණ දීගෙන හිටපු කෙල්ලො වාෂ්ප වුණා.සිගරට්‌ එකක්‌ බොන්නවත් යාළුවෝ කතා කළේ නෑ.මම පිස්‌සෙක්‌ වුණා.පූරුවේ පිනකමට තමයි මේ පන්සලට එන්න ලැබුණේ

දැන් මම මේ පවුලට එකතු වෙලා මාස හතරකට කිට්‌ටුයි.මේ මම ගිය දෙවැනි පුනරුත්ථාපන කඳවුර.කුඩු නතර කරන්න හදපු නව වැනි වතාව.ඒ හැම පාරම මම කුඩුවලට ඇබ්බැහි වුණේ සෙක්‌ස්‌ පිලීන් එකේ උපරිමයට යන්න කුඩු ඕනා කියලා හිතපු නිසා

ආයෙත් ඒ වැරැද්ද කරන්නේ නෑ. මම මෙතැනින් යන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස්‌ කෙනෙක්‌ විදිහට

මට තවම අවුරුදු විසි තුනයි.මගෙත් හොඳ බිස්‌නස්‌ මයින්ඩ් එකක්‌ තියෙනවා. ජීවිතය ගොඩදාගන්න කාලය තියෙනවා.තාත්තාගේ ශක්‌තිය තියෙනවා.මම හොඳ ව්‍යාපාරිකයෙක්‌ වෙනවා. ඒක මට විශ්වාසයි

තරංග රත්නවීර


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*