පාතාල නායක වන ඩිනුකට නම් පුතාට ඩුබායි සිට කොළඹ පාතාල මෙහෙයවන්න සහාය දෙන අම්මා


කප්පම් එකතු කරලා ඩුබායි යවන්නේ අම්මා

මිනී මැරුම් චෝදනා දහයකටත් වැඩියි

පිටකොටුව ප්රධාන බස්‌ නැවතුම්පළට යාබදව ඇති පලතුරු වෙළෙඳසලක්‌ අසල මහා ගාලගෝට්‌ටියකි

කෝපාවිෂ්ඨ වූ කාන්තාවක්‌ වෙළෙඳසල අසල සිටින පුද්ගලයකුට තොර තෝංචියක්‌ නොමැතිව බැණ වදියි.තර්ජනය කරයි.කෝපාවිෂ්ඨව සිටින කාන්තාව පොඩි අම්මාය

කොළඹ කෙසෙල්වත්ත පාතාලයේ මහ කෙරුමා බව කියන ඩිනුකගේ මෑණියන් වන්නේ පොඩි අම්මාය.පොඩි අම්මා සටනකට මැදිව සිටින්නේ කෙසෙල්වත්තේ චානා සමගය

උඹ අපේ කොටස දුන්නෙ නැත්නම් ප්රශ්න ඇති වෙයි.දන්නවනේ ඩිනුකයගෙ හැටි

ඌ ඩුබායි හිටියාට මෙහෙ කරන්න බැරි දෙයක්‌ නැහැ.උඹ අපෙ ෂෙයාර් එක නොදුන්නොත් බිස්‌නස්‌ කරලා හමාරයි

පොඩි අම්මාගේ තර්ජන ගර්ජන චානා ගණනකට ගත්තේ නැත

උඹට ඩිනුකයා ලොකු වුණාට අපට ඌව ලොකු නැහැ.පුළුවන් දෙයක්‌ කරන්න කියපං.අපිත් ඕනෙම දේකට ලෑස්‌ති

දයිනිකව කප්පම් මුදල් ලබා දීම ප්රතික්ෂේප කළ චානා පොඩි අම්මාට බැණ වැදී ඇය පන්නා දැමුවේය.මීට මාස හයහතකට උඩදී වූ මේ සිදුවීම මහ වයිරයක් දක්‌වා දුරදිග යන්නට ඒ තරම් කාලයක්‌ ගත වුණේ නැත

කෙසෙල්වත්තේ චානා තම මෑණියන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබා නොදී පන්නා ගැනීමේ සිද්ධිය සැලවීමත් සමඟ ඩිනුක යක්ෂාවේෂ වුණේය

ඩිනුකගේ සමීපතම සගයා වූයේ දනුකය

ඩිනුකගේ නීති විරෝධී ජාවාරම් කප්පම් ගැනීම් ඇතුළු පාතාල ක්රියාවන් ක්රියාත්මක කළේ දනුකය.තම මවට සිදු කළ අවමානය ගැන සොයාබලන ලෙස ඩුබායි හි සැඟවී සිටින ඩිනුක තම පාතාල සගයා වන දනුකට කීවේය

එය ඒ අයුරින්ම ක්රියාත්මක කිරීමට දනුක වගබලා ගත්තේය

දිනක්‌ දනුක ද කෙසෙල්වත්තේ චානා විසින් පවත්වාගෙන යන පලතුරු වෙළෙඳසල වෙත ගොස්‌ දෛනික කප්පම් මුදල ලබා දෙන ලෙස තර්ජනය කළේය

එහෙත් දනුකට ලැබුණේ ද පොඩි අම්මාට ලැබුණු ප්රතිචාරයමය

කෙසෙල්වත්තේ ඩිනුක සහ චානා කලකට උඩදී ගජ මිතුරන්ය.ඩිනුකගේ පියා නීල් රාජපක්ෂය.පාතාලයට නෑදැකම් කියූ මේ පවුල කෙසෙල්වත්ත ප්රදේශය සිය රාජධානිය කරගෙන අහිංසක ජනතාව තලා පෙලා දමමින් මුදල් හරිහම්බ කළහ

කුඩා කල සිටම පාතාල අපරාධවල අභාෂය ලබමින් ලොකු මහත් වූ ඩිනුක පසු කලෙක කොළඹ පාතාලයේ අංක එකේ අපරාධකාරයකු බවට පත් වුණේය

ඩිනුක නොම්මර එකේ අපරාධකාරයකු වීමට මවුපියන්ගෙන් ලැබුණේ ද නොමඳ සහායකි.කොළඹ පාතාලයේ මිනිස්‌ ඝාතන දහයකට වැඩි ප්රමාණයකට සම්බන්ධ වූ ඩිනුක කොන්ත්රාත් මුදල්වලට ද මිනී මැරුම් සිදු කළේය

කෙසෙල්වත්ත ප්රදේශයේ ප්රසිද්ධ වියාපාරිකයකු වූ කිත්සිරි රාජපක්ෂ ඔහුගේ සොහොයුරා වන අරුණජිත් රාජපක්ෂ මරා දමන්නේ ද ඩිනුක ඇතුළු කල්ලිය විසින්ය

කිත්සිරි රාජපක්ෂ කෙසෙල්වත්ත ප්රදේශයේ හැදී වැඩුණ ද.ජීවිතයෙන් වැඩි කාලයක්‌ ගත කළේ ඉතාලියේය.වසර 17 කට ආසන්න කාලයක්‌ ඉතාලියේ ගත කළ ද ඔහු ශ්රී ලංකාවට බෙහෙවින් ආදරය කළේය

උතුර නැගෙනහිර යුද්ධය පැවැති සමයේ කිත්සිරි රාජපක්ෂ යුරෝපයේ සිට රට වෙනුවෙන් විශාල මෙහෙයක්‌ ඉටු කළේය.එවකට රජයේ ඉහළම නිලධාරීන් සමඟ එක්‌ව යුරෝපයේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුත්ත සඳහා කිත්සිරි රාජපක්ෂගෙන් ලැබුණේ නොමඳ සහායකි

යුද්ධය නිම වීමෙන් පසු කිත්සිරි රාජපක්ෂ මවු රටට එන්නේ වැඩදායක යමක්‌ සිදුකිරීමේ අරමුණු ඇතිවය එවකට ආරක්ෂක අංශයේ ජේෂ්ඨතම නිලධාරියා සමඟ කෙලින් මිතුදමක් පවත්වාගෙන ගිය කිත්සිරි රාජක්ෂ රට දියුණු කිරීම වෙනුවෙන් යමක්‌ කළ යුතුය යන මතයේ සිටි වියාපාරිකයකු විය

ඒ වන විට කෙසෙල්වත්ත ප්රදේශය කුඩු පුරයක්‌ බවට පත්ව තිබෙන බව කිත්සිරි රාජක්ෂ දුටුවේය

කෙසෙල්වත්තේ කුඩු නතර කිරීමේ සටන මුලින්ම ආරම්භ කිරීමට කිත්සිරි රාජක්ෂ උත්සාහ කරන්නේ රට දියුණු කිරීමේ කටයුත්ත ගමෙන්ම ආරම්භ කළ යුතුය යන මතයේ සිටය

එහෙත් ඒ කටයුත්ත සාර්ථක වූයේ නැත.කෙසෙල්වත්ත කුඩු රාජධානියේ ප්රධානියා ලෙස කටයුතු කරමින් සිටි ඩිනුක කිත්සිරි රාජක්ෂට එරෙහිව යුද ප්රකාශ කළේය

උඹ අපේ ගම හදන්න එන්න එපා.ආපහු ඉතාලියට පලයන්.අපි අපේ වැඩ බලාගන්නම්.අපේ දේවල් වලට අනවශ්ය විදියට ඇඟිලි ගහන්න ආවොත් ප්රශ්න ඇතිවෙයි

ඩිනුක කිත්සිරි රාජපක්ෂට ප්රසිද්ධියේම තර්ජනය කළේය.එහෙත් ඔහු ඒ තර්ජනවලට බිය වුණේ නැත.එවකට ආරක්ෂක අංශයේ සිටි ඉහළම නිලධාරියාට කිත්සිරි රාජපක්ෂ මේ බව දැනුම් දී තිබිණි

එහෙත් කිත්සිරි රාජපක්ෂට රජයෙන් රැකවරණයක්‌ ලැබුණේ නැත.2010 වර්ෂයේදී පිටකොටුව ප්රධාන බස්‌නැවතුම්පළ ඉදිරිපිටදී කිත්සිරි රාජපක්ෂ වෙඩි තබා ඝාතනය කළේය

රණාලේ සමයා සහ කෙසෙල්වත්තේ ඩිනුක විසින් මේ ඝාතනය සිදු කළේ කොළඹ පාතාලය සලිත කරවමින්ය.රණාලේ සමයාගේ මෙන්ම ඩිනුකගේ අපරාධ චාරිකාවේ මුල්ම මිනිස්‌ ඝාතනය වූයේ ද කිත්සිරි රාජපක්ෂ මරා දැමීම

අරුණජිත් රාජපක්ෂ කිත්සිරි රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරා විය.තම සොහොයුරාගේ මරණය වන විට ඔහු සිටියේ විදේශගතවය.කිත්සිරි රාජපක්ෂට සාධාරණයක්‌ ඉටුකර දීම සඳහා අරුණජිත් රාජපක්ෂ ශ්රී ලංකාවට ආවේය

ඔහු ඩිනුකගේ පාතාල කල්ලියට එරෙහිව ප්රසිද්ධියේ අභියෝග කළේය

කොළඹට මහා පිළිලයක්‌ වෙමින් තිබෙන ඩිනුකගේ පාතාල කල්ලිය පිළිබඳව අරුණජිත් රාජපක්ෂ එවකට රජයේ ප්රබලයන්ව දැනුවත් කළේ ඊට කඩිනමින් ප්රතිකර්මයක්‌ බලාගෙනය

එහෙත් අරුණජිත් රාජපක්ෂට ද ඩිනුකගේ කල්ලියෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙමින් තිබුණේය.තම සොහොයුරාගේ මරණයට අදාළ නඩුවට ඉදිරිපත් වීමට පවා යැමට නොහැකි වන ලෙස ඩිනුක අරුණජිත් රාජපක්ෂට දැඩි බලපෑම් කළේය

අවසානයේ අරුණජිත් රාජපක්ෂට ද සිදුවන්නේ තම සොහොයුරාට මෙන් ජීවිතයෙන් සමුගෙන යැමටය.2011 වර්ෂයේදී ඩිනුක ඇතුළු පාතාල කල්ලිය විසින් අරුණජිත් රාජපක්ෂ මරා දමන්නේ කොළඹ පාතාලයේ අණසක පතුරුවා හරිමින්ය

අරුණජිත් රාජපක්ෂ මරා දැමීමෙන් පසු ඔහුගේ දරුවන් සහ බිරිඳ දැඩි ලෙස අසරණ වූහ.පියාගේ හදිසි මරණයෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ එක්‌ පුත්රයකු දැඩි ලෙස රෝගී තත්ත්වයට ද පත් වුණේය

තම ජීවිත බේරා ගැනීම සඳහා ඔවුන් විදේශගත වන්නට තීරණය කළේ කළ යුතු වෙනත් යමක්‌ නොවූ නිසාය

මේ වියාපාරිකයන්ට අකාලයේ මරු වැළඳ ගැනීමට සිදුවන්නේ කෙසෙල්වත්තේ හෙරොයින් ජාවාරමට එරෙහිව සටනට පිවිසීම නිසාය

ඒ වන විට කොළඹ පිටකොටුව කෙසෙල්වත්ත අලුත්කඩේ කොටහේන ප්රදේශ කේන්ද්රර කර ගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදුකරන්නේ ඩිනුක ප්රමුඛ පාතාල කල්ලිය විසින්ය

ඩිනුකගේ මවගේ බාල සොහොයුරු රජාය.ඩිනුකගේ පාතාල කල්ලියේ උපදේශක වන්නේ රජාය.පාතාල ප්රහාර සඳහා මෙන්ම හෙරොයින් ජාවාරම් සඳහා සැලසුම් සැකසෙන්නේ රජාගේ උපදෙස්‌ මතය

මේ ඝාතනවලින් පසු ඩිනුක පසුපස පොලිසිය පන්නන්නට පටන් ගත්තේය.මේ කාල සීමාව පාතාල අපරාධකාරයන්ට බොහොම අපල ගෙන දුන් කාල සීමාවක්‌ විය

කොයි මොහොතක හෝ තමන්ට මැරුම් කන්නට සිදුවන බව හොඳින් දැන සිටි ඩිනුක හොර රහසේම මලයාසියාවට පලා ගියේය.ටික කාලයක්‌ මලයාසියාවේ ගත කළ ඩිනුක අවසානයේ නතර වන්නේ ඩුබායි දේශයේය

මෙරට පාතාලයේ අංක එකේ අපරාධකරු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සිටින්නේද ඩුබායි දේශයේය.ඩිනුකට මධුෂ් දැන හඳුනාගන්නට ලැබෙන්නේද ඩුබායි හිදීය

කඩුවෙල පාතාලයේ කෙරුම්කාරයා ව සිටි රණාලේ සමයා ද ඩිනුකගේ කල්යාණ මිතුරකු විය.ඩිනුකගේ මෙන්ම සමයාගේද මුල්ම මිනිස්‌ ඝාතනය ලෙස ඔවුන්ගේ අපරාධ පොතට එකතු වන්නේ කිත්සිරි රාජපක්ෂ ඝාතනය කිරීමය

සමයා සහ මධුෂ් ජන්මාන්තර වෛරක්‌කාරයන් වුවද ඩිනුක ඔවුන් දෙදෙනාවම සමීපව ඇසුරු කරමින් අවශ්යතාවන් ඉටුකර ගත්තේය

ඩිනුක ඩුබායි දේශයට වී සිටියද කෙසෙල්වත්ත කේන්ද්ර කර ගත් පාතාල කල්ලිය ඔහු පාලනය කළේය.සිය මාමණ්‌ඩිය වූ රවි කල්යාණ මිතුරා වන දනුක මෙන්ම මෑණියන් වන පොඩි අම්මා ඩිනුකගේ පාතාල කල්ලිය පාලනය කරන්නට වූහ

හෙරොයින් ජාවාරම මෙන්ම කේරල ගංජා තොග පිටින් අලෙවි කිරීම ගජරාමයට කරගෙන ගිය ඩිනුකගෙ පාතාල කල්ලිය ඒ හරහා විශාල ධනයක්‌ උපයා ගත්හ

පිටකොටුවේ වියාපාරිකයන්ගෙන් දයිනිකව කප්පම් මුදල් ලබාගැනීමද ඩිනුකගේ පාතාල කල්ලියේ තවත් ප්රධාන ආදායම් මාර්ගයක්‌ විය.වියාපාරිකයන්ගෙන් කප්පම් මුදල් එකතු කිරීමේ කාර්ය කරනු ලැබුවේ පොඩි අම්මා විසිනි

දයිනිකව එකතු කරන කප්පම් මුදල් සතියකට වරක්‌ ඩුබායි හි සිටින ඩිනුක වෙත යෑවීම සිදු කළේද පොඩි අම්මාය

කොළඹ නගර සභාව වෙත ටෙන්ඩර් ඉදිරිපත් කර පිටකොටුවේ පලතුරු වෙළෙඳසල් කුලියට ලබා ගැනීම වියාපාරිකයන් විසින් කාලයක්‌ තිස්‌සේ කරගෙන ගියහ.කාලයක සිට මේ වෙළෙඳසල්වලින් වැඩි ප්රමාණයක්‌ ලබා ගන්නේ ඩිනුකගේ පාතාල කල්ලිය විසින්ය

එසේ ලබා ගන්නා වෙළෙඳසල් ඔවුන් විසින් වැඩි මිලකට වෙනත් වියාපාරිකයන්ට වියාපාර කරගෙන යැම සඳහා ලබා දෙනු ලබයි

එහෙත් හැම වෙළෙඳසල් හිමියකුම ඩිනුකගේ කල්ලිය වෙත දෛනිකව කප්පම් ලබා දිය යුතු විය.එසේ නොමැති වුවොත් ඔවුන්ට එක්‌කෝ සිදුවන්නේ වියාපාර අතහැර යැමටය එහෙමත් නැත්නම් ජීවිතය අතහැර යැමටය

චානා සහ ඩිනුකගේ පාතාල කල්ලි අතර ගැටුම් හට ගන්නේද මේ වෙළෙඳසල් කප්පම් සිද්ධිය මුල්කර ගෙනය

චානා ඩිනුකගේ මවට කප්පම් මුදල් නොදී පන්නා ගැනීම කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයම උණුසුම් කළ සිදුවීමක්‌ බවට පත් විය.මේ සිදුවීම ඩිනුක ලැඡ්ජාවට පත් වූ කරුණක්‌ විය

වැඩි කල් නොගොස්‌ චානාගෙන් පළි ගත යුතු බව ඩිනුක සිතුවේය.ඩිනුක තම කල්යාණ මිතුරා වූ දනුකට දුරකථනයෙන් කතා කර චානාට අවසන් නිවේදනය නිකුත් කරන ලෙස උපදෙස්‌ දුන්නේය

දිනක්‌ චානාගේ නිවස ඉදිරිපිට මල්වඩමක්‌ තබා තිබුණේය.එය සිදුකරනු ලැබුවේ දනුක ඇතුළු කල්ලිය විසින්ය.ඩිනුකගේ පාතාල කල්ලිය කොයි මොහොතක හෝ තමන්ට ප්රහාරයක්‌ එල්ල කරනු ඇති බව හොඳින් දැන සිටි චානා ඊට මුහුණදීමට අවශ්ය කටයුතු සම්පාදනය කර ගත්තේය

නක්‌ චානා ඇතුළු කල්ලිය දනුකගේ නිවස අසලට ගොස්‌ තර්ජනය කරන්නට පටන් ගත්හ.අහසට වෙඩි තබමින් දනුක භීතියට පත් කළ චානා ඇතුළු කල්ලිය තම බල ප්රදේශය වෙත එන්නේ ප්රශ්නය ගොඩින් බේරාගැනීමට නොහැකි වනු ඇතැයි සිතමින්ය

ඩිනුකගේ කල්ලියෙන් තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව චානා කෙසෙල්වත්ත පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ද කර තිබුණේය.ඒ පැමිණිල්ල සිදුකර විනාඩි ගණනක්‌ ගත වන්නට පෙර ඒ පිළිබඳ සියලු තොරතුරු ඩුබායි හි සිටින ඩිනුකගේ කනට වැකිණි.ඒ තරමට ම ශක්‌තිමත් තොරතුරු ජාලයක්‌ ඩිනුක සතු විය

දනුකගේ නිවස අසලට ගොස්‌ චානා ඇතුළු කල්ලිය අහසට වෙඩි තබා කළ වික්රමය පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසය විමර්ශනයක්‌ ක්රියාත්මක කර තිබුණේය

මේ අතර හිටි හැටියේම ඩිනුකගේ මාමා වන රජා ගමන්ගත් මෝටර් රථය රාගම ප්රදේශයේදී වෙඩි ප්රහාරයකට ලක්‌ විය.ප්රහාරය එල්ල වී තිබුණේ රජා ඉලක්‌ක කර බව ඩිනුකගේ කල්ලිය විසින් ප්රචාරයක්‌ යවා තිබිණි

මේ ප්රහාරය පිටුපස සිටින්නේ චානා ඇතුළු කල්ලිය බව ද ඩිනුකගේ කල්ලිය ප්රචාරයක්‌ යවා තිබුණේය.එහෙත් සිදුව තිබුණේ ඊට හාත්පසින් ම වෙනස්‌ සිදුවීමකි.මේ වෙඩි තැබීම කරගෙන තිබුණේ රජා ඇතුළු ඩිනුකගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින්ම

ඔවුන්ට අවශ්ය වී තිබුණේ චානා මේ වෙඩි තැබීම සිදු කළ බවට පොලිසියට ඒත්තු ගැන්වීමටය

චානාගේ කල්ලිය නුදුරේදී ම තමන්ට තර්ජනයක්‌ වනු ඇතැයි ඩිනුක සිතුවේය.වහාම චානා ඉවත් කළ යුතු බවට ඔහු තීරණය කළේය.චානා ට ප්රහාරයක්‌ එල්ල කිරීමට සැලසුමක්‌ ක්රියාත්මක වුණේය

ඩිනුකගේ කල්ලියේ ප්රබලයන් කීපදෙනෙකු ප්රහාරය සඳහා සූදානම් වූහ.ලසන්ත නොහොත් ලසා සහ චූලා කෙසෙල්වත්තේ චානා පරලොව යෑවීමේ ප්රහාරය සඳහා සූදානම්ව සිටියේ ඊට අවසාන නියෝගය ලැබෙන තුරුය

ඉකුත් 08 වැනිදා රාත්රිය උදා වෙමින් තිබුණේය.දයිනික වියාපාර කටයුතු නිම කළ චානා ඔහුගේ සොහොයුරා සහ තවත් මිතුරකු කොටහේන බිලින්වත්ත ප්රදේශයේ පිහිටි නිවහන වෙත පැමිණියේ වෙහෙස නිවා ගන්නා අරමුණෙන්ය

එහෙත් මාරයා ඔවුන් පසුපස පන්නා ගෙන ආවේය.යතුරුපැදියක නැගුණු ඩිනුකගේ ගෝලයන් දෙදෙනා බිලිගන්නට කඩා වැදුණෝය.ටී.56 ගිනි අවියෙන් පිට වූ උණ්‌ඩ කොටහේන බිලින්වත්ත ප්රදේශය දෙවනත් කිරීමට සමත් විය

චානා ඇතුළු තිදෙනාට වෙඩි තැබූ ඩිනුකගේ සහචරයන් නිරුපද්‍රිතව පලා යන්නේ තමන්ට එරෙහි වන ඕනෑම අයෙකුට අත්වන්නේ මේ ඉරණම බව කියාපාමිනි

වෙඩි ප්රහාරයෙන් චානාගේ සොහොයුරා වූ ඩිලාන් අවසන් ගමන් ගිය අතර කරුණාදාස බරපතළ තුවාල ලැබීය.වෙඩි වැදී අසාධ්ය තත්ත්වයේ පසු වූ චානාට ද ජීවත්වීමේ වාසනාව උරුමව තිබුණේය

කොළඹ අපරාධ කොට්‌ඨාසාය මේ ප්රහාරය පිළිබඳ පුළුල් විමර්ශන ක්රියාත්මක කරගෙන යයි.කොළඹ පාතාලය පාලනය කරමින් මහා පිළිලයක්‌ බවට පත්ව සිටින කෙසෙල්වත්තේ ඩිනුක මේ සියලු අපරාධ කරන්නේ ඩුබායි දේශයේ සිට

ඩිනුක මෙන්ම මුළු රටටම මහා විෂබීජයක්‌ බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් සිටින්නේද ඩුබායි දේශයේය.මේ පාතාල අපරාධකාරයන් ආරක්ෂිතව සිටිමින් මෙරට පාතාල අපරාධවල නිරතව සිටිති

මේ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට මේ වනතුරුත් නිසි ක්රමවේදයක්‌ ගෙන නොතිබීම කනගාටුවට කරුණකි

මාකඳුරේ මධුෂ්ගේ බලය බිඳ හෙළීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක මෙහෙයුමක්‌ ආරම්භ කර සිටියි.මෙම මෙහෙයුමේදී මධුෂ්ගේ ගෝලබාලයන් තිදෙනෙකුම කොටුකර ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පසුගියදා සමත් වූහ
ඩුබායි හි සිට මෙරට පාතාලය මෙහෙයවන මධුෂ්ගේ කල්ලියේ ක්රියාකාරීන් සියලු දෙනා පිළිබඳව තොරතුරු විශේෂ කාර්ය බළකාය මේ වන විට සොයාගෙන හමාරය

මධුෂ්ගේ පාතාල සහචරයන්ට අනාගතයක්‌ නොමැත.වැඩි දවසක්‌ ගත වන්නට පෙර මේ නරුමයන් සියලු දෙනා කොටුකර ගැනීම විශේෂ කාර්ය බළකායේ සැලසුම වී තිබෙයි

එහෙත් මධුෂ් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන තාක්‌ කල් මොවුන්ගේ ක්රියාකාරකම් අවසන් කළ නොහැක

හේමන්ත රන්දුණු


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*