කතානායකට දැඩි ප‍්‍රහාරයක් – කතානායක නීති කඩනවා.. මං අස්වෙනවා..- පාර්ලිමේන්තු මහ ලේකම්

කථානායක කරු ජයසූරිය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව පාර්මේන්තු සභා ගැබට ඇතුළු විය. ඒ වනවිටත් කථානායක පුටුව අල්ලාගෙන සිටි මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.පොලිස් බල ඇණි සමගින් සබාවේ කටයුතු සිදු කිරීමට ගත් උත්සාහයේදී එල්ල වූයේ දැඩි විරෝදයකි. මන්ත‍්‍රිවරුන්ගෙන් එල්ල වූ පොත්පත් වතුර බෝතල් කුණු බාල්දි ප‍්‍රහාරය හේතුවන් පොලිස් බල ඇණි සමග කතානායකවරයා පිට විය. එසේම තමන් ලබා දෙන මගපෙන්වීම් හා උපදෙස් කිසිවක් කතානායක කරු ජයසුරිය මහතා තකන්නේ නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කර ඇත. පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථානුකූලව සිදු කරවීමට මෙහෙයවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට එහි ඉහලම රාජ්‍ය නිලධාරියා ලෙස වගකීමක් ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්දණ මහතා විසින් ඔහු වෙත කරන ලද දැනුම් දීමේදී මහ ලේකම්වරයා මේ බව සදහන් කර තිබේ. තමන් මේ වන විට සිය රාජකාරිය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් බවත් නිරන්තරයෙන් කතානායකවරයාට ව්‍යවස්ථානුකූල හා ස්තාවර නියෝග ගැන අවබෝදය ලබා දුන්දන ඔහු ඒවා කිසිවක් ගණන් නොගන්නේ යයිද මහ ලේකම්වරයා පවසා ඇත. මේ තත්වය නිසා තමන් දැඩිව කලකිරී සිටින බවත් සේවයෙන් ඉවත් වී විශ‍්‍රාම ගැනීමටද තමනට සිතෙන බවත් දසනායක මහතා වැඩි දුරටත් කියා තිබේ.මෙහිදී කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වයි..සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන්ගේ සභා ගර්බය තුළ ප්‍රජාතින්ත්‍රික සාම්ප්‍රදායික ලෙස හැසි‌ෙරෙන ‌‌ෙලෙසත් ජනපති ඉල්ලා සිටියි..ඇතිව තිබෙන උණුසුම් තත්වය මත කථානයක කරූ ජයසූරිය මහතා සභාව නොවැම්බර් 19 දා පස්වරු 1ට කල් තැබීමට පියව ගත්තේය.

Loading Facebook Comments ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *