ගතට සිතට සුවදෙන සර්ප සම්බාහනය…මෙන්න මෂාජ්. සර්ප මෂාජ්. (වීඩියෝ)


වෛද්‍යවරු දුරාතීතයේ සිටම විවිධ ලෙඩ රෝග සමනය කිරීම සඳහා සම්බාහනය යොදාගත්හ. සම්බාහනය මගින් ශරීරයේ මාංශ පේශීන්වල ආබාධ සහ වේදනා නැති කළ හැකිය. බොහෝවිට අප අසා ඇති දැක පුරුදු සම්බාහන ක්‍රමවලට වඩා වෙනස් ක්‍රමයක් ඊශ්‍රායලයේ සම්බාහන ශිල්පිනියක වන අදා බරක් විසින් යොදාගෙන ඇත.

ඒ සර්පයන් ලවා සිරුර සම්බාහනය කරවීමයි. බැලූ බැල්මට එය බියජනක ලෙස පෙනුණත් ඊශ්‍රායලයේ මෙම ක්‍රමය ඉතාමත් ජනප්‍රියය. උතුරු ඊශ්‍රායලයේ ටෙල්මායි එලාසර් හී පිහිටි අදා බරක් (Ada Barak) ගේ “සර්ප සැලුන්” හි දී සර්පයන් ලවා සම්බාහනයක් කරවා ගැනීමට ඩොලර් 40 ක් වැයවෙයි.

ඇය ඒ සඳහා යොදාගන්නේ කැලිපෝනියාවෙන් හා ප්ලොරිඩාවෙන් ගෙන්වන ලද විස නැති King Snakes” Corn Snakes Mikk Snakes යනුවෙන් හඳුන්වන සර්ප විශේෂයන්ය.

මේ සර්පයන් මිනිස් සිරුරේ ස්පර්ශ වීමෙන් සිතට සැහැල්ලුවක් දැනෙන බව අදා බරෙක් කියයි. එමෙන්ම සර්පයින් ශරීරය සම්බාහනය කළ පසු මානසික පීඩනයන්ගෙන් සිතට සහනයක් ලැඛෙන බව මේ “සර්ප සම්බාහනය” ලද අය පවසන බවද ඇය පවසයි. සර්පයන් අතින් අල්ලාගෙන සිටීමෙන් වුවද සහනයක් ලැඛෙන බව මගේ සර්ප සම්බාහනය ලත් සමහරු පවසනවා. මුළු ශරීරයටම සිසිලක් එයින් දැනුණු බව එක් මහලු කාන්තාවක් පවසා තියෙනවා.

https://youtu.be/XluzqcG4r6c


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*