රැවුල වැවෙන්නේ නැද්ද..? රැවුල එන්න ප්‍රමාදයිද ? එහෙනම් මෙන්න විසදුම


“රැවුල වැවෙන්නැති පිරිමියෙක් නන් මට එපා, මම ආස රැවුල තියෙන කෙනෙක්ට” සමහර කෙල්ලො මෙ වගේ කතා කියනවා ඇහිලා තියෙනද? ඇත්තටම හොදට නඩත්තු කරපු රැවුලක් තියෙනකොට තියෙන වාසි දැනගන්න රැවුලක් වවලාම බලන්න වෙනවා. රැවුල වැවෙන්නේ නැද්ද? එකට බය වෙන්න ඔනෙ නෑ ඔන තරම් ක්‍රම තියෙන්වා වවාගන්න. හැබයි රැවුලක් වවන එක එක රැයකින් කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි.

ඉතින් මෙ රැවුල ඇති අය අතරේ රැවුල නැති අය ගොඩක් දුක් වෙනවා රැවුල වැවෙන්නෙ නැත්තේ හො අඩුවෙන් වැවෙන්නේ ඇයි කියලා. මෙකට බොහො විටම හේතු වෙන්නේ ඔබෙම දෙමපියන්ගෙන් ඔබ ලද ජාන. නමුත් එහෙමයි කියලා හොද රැවුලක් හදාගන්න සිනිනය බිදගන්න උවමනා නැ. කරන්න ඔනේ දෙවල් ඔක්කොම මෙ ලිපියේ තියෙනවා. පහලට කියවගෙන යමු.

රැවුල තාම වැට උඩද?

උඹ තාම සිටින්නේ රැවුල වවනවාද? නැද්ද? වවනවාද? නැද්ද? තිරනයක් ගන්න බැරුව නන්, පිලිතුර “වවපන්” මොකද රැවුලක් වත් හරියට වවාගෙන නඩත්තු කරගන්න්න බැරි පිරිමියෙක්ගෙන් ඇති වැඩක් තියෙනවද?

රුල් නම්බර් වන් – ඔලුව හදාගනින්

දෙකට වැනෙන තිරන නැතුව කෙලින් තිරනයක් ගනින්. මට අවශ්ය ගානට රැවුල වැවෙනකන් මොන බාදක ආවත් ගේම ආතාරින් නැ කියලා. හැමවෙලාවෙම මනසට දැනෙන්න දෙන්න කොහොමහරි රැවුල හදාගෙන මිසක් නැවතිමක් නැ කියලා. මොකද අන්තිමට ප්‍රතිපල අවාම සතුටු හිතෙන්නේ තමන්ටමයි.

රුල් නම්බර් ටු – රොල් මොඩ්ල්

උඹව ධෛර්යයමත් කරලා, උඹ විශ්වාස කරන අන්තිම ප්‍රතිපලෙට යන්න බොක්කෙන්ම අත දෙන දැනටමත් පට්ට රැවුලක් මෙයින්ටෙන් කරන් යාලුවෙක්ව තොරගනින්. එතකොට ලෙහෙසියෙන්ම ඇඩ්වයිස් එකක් එහෙම ගන්නත් පුලුවන්. තව දෙයක් රැවුල වැව්ව කෙනෙක් විතරයි එකෙ අගේ දන්නේ. එක නිසා යහලුවෙක් නැත්තන් තොරලා බේරලා හරි කෙනෙක්ව රොල් මොඩ්ල් කරගනින්.

රුල් නම්බර් ත්‍රී – මගහැරපන්.

මොන වැඩෙ කරන්න ගියත් එක අධෛර්යයමත් කරන මිනිස්සුන් ඔන තරම් අපි අතර ඉන්නවනේ. රැවුල වවනකොටත් උදැල්ල දාන්න බලන් ඉන්න සෙට් එකක් අපි හැමොටම ඉන්නවා. ”ඔක වවන්න එපා, රස්තියාදුකාරයෙක් වගෙ, කැතයි, වයස පාටයි” එකි නොකි ඔක්කොම බහුබුත කියනවා. හොදම දේ රැවුල වවන කාලේදි මෙ මිනිස්සු මගහැරලා වැඩේ ඉවර කරලා ප්‍රතිපල පෙන්නපන්. එතකොට එයි “ශා… ලස්සනායි” කියාගෙන.

නැචුරල් මෙතඩ්ස්

කොහොමත් රැවුල වැවෙන මුල් කාලෙදී රැවුල වැවෙන්නෙ තැනින් තැන. එකට බයවෙන්න දෙයක් නැ සති කිහිපයකින් හො වැඩිම උනොත් මාසයකින් අර හිස් තැන් ටිකත් පිරවෙයි. එක නිසා කාලයට ඉඩ දිලා බලන් හිටියට පාඩුවක් වෙන්නෙත් නෑ.

දෙහි යුශ සහ කුරුදු පව්ඩර්

අවශ්ය ද්‍රවය

* දෙහි යුශ තේ හැදි දෙකක්.

* කුරුදු පව්ඩර් තේ හැන්දක් (ඔන්ලයින් ඔඩර් කරන්න මෙතන ක්ලික් කරන්න)

* පොඩි භාජනයක්

* පිරිසිදු තුවායක්

කරන විදිය:

පොඩි භාජනයට දාලා දෙහි යුශයි කුරුදු පව්ඩර් ටිකයි හොදට මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රනය ඉතා තුනියට මුහුනේ රැවුල ආයුතු පෙදෙසේ ආලෙප කරගන්න.විනාඩි 25 ත් 30 ත් අතර කාලයක් තියෙන්න ඇරලා සීතල වතුරෙන් මුහුන හොදල තුවායෙන් පිහිදගන්න. සමේ අසාත්මිකතාවක් (ඇල්ජික් සීන් එකක්) ආවේ නැත්තන් දවසට දෙපාරක් මේ විදියට කරන්න. හැබයි විනාඩි 30කට වඩානන් මිශ්‍රනය මුහුනේ තියාගන්න එපා සම පිච්චෙන්න පුලුවන්.

අම්ලා ඔයිල් (නෙල්ලි තෙල්) සහ අබ කොල

අවශ්ය ද්‍රවය

* අම්ලා ඔයිල් කොප්ප 1/4 ක් – (සුපර් මාකට් එකෙ ගන්න තියෙනවා)

* මිශ්‍ර කරගත් අබ කොල තේ හැදි 3ක්

කරන විදිය:

සියලු අමුද්‍රවය එකට දමා මුදු මිශ්‍රනයක් එන තෙක් බ්ලෙන්ඩර් කරගන්න. වොශ් එකක් දාන වෙලාවට මේ මිශ්‍රනය මුහුනේ රැවුල ආයුතු පෙදෙසේ ආලෙප කර විනාඩි 20ක් තබා සිසිල් වතුරෙන් සොදා හරින්න.දවසකට දෙවතාවක් කරන්න. ආසත්මිකතාවක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න.

පොල් තෙල් සහ රොස්මෙරි ඔයිල්

අවශ්ය ද්‍රවය

* පොල් තෙල් තේ හැදි 10ක්(කවලම් නැති පිරිසිදු පොල් තෙල්)

* රොස්මෙරි ඔයිල් තේ හැදි 1ක් (සුපර් මාකට් එකෙ ගන්න තියෙනවා)

* පිරිසිදු රෙදි කැල්ලක්

කරන විදිය:

රෙදි කැල්ලට පොල් තෙල් හා රොස්මෙරි ඔයිල් ටික දාලා මුහුනේ රැවුල ආයුතු පෙදෙසේ රෙදි කැල්ලෙන් ආලෙප කර විනාඩි 10කින් සිසිල් වතුරෙන් සොදාහරින්න. පොල් තෙල් වල ඇති විටමින් E, Capri ඇසිඩ්, Lauric ඇසිඩ් සහ සමේ තෙතමනය ඇතිකිරිමට ඇති හැකියාව නිසා රැවුල වැවීම වේගවත් කරයි.

ජය වේවා !

යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*