මෙහෙ ඉපදුනේ නැති ලාංකික තරුණියක් ඇමරිකාවේ හදපු සිංහල සංකෘතිය ලෝකෙටම පෙන්වන කෞතුකාගාරය (Video)

පිටරට ඉන්න අපේ සමහර අයට අපේ දේවල් අමතකයි. අපේ සංකෘතිය, අපේ කලාව ඒ අයට අගය නැහැ. අඩුම ගානේ අපේ රටේ ඉන්න සමහරුන්ටත් ඒක අගය නැහැ. සංකෘතිය රැකගන්න ඕනේ අරක මේක කියලා බහුබූත නම් කියවනවා හැබැයි ඒ රටේ අභිමානය,සංස්කෘතිය වෙනුවෙන් කරපු දෙයක් නැහැ. ඒ වුණාට අපේ රටේ ඉපදුනේ නැති නමුත් අපේ රටේ දියණියක් අපේ සංකෘතිය ලෝකෙටම පෙන්වමින් ඉන්නවා.

අපේ පුංචි රටට ආඩම්බර වෙන්න පුළුවන් එහෙම වැඩක් කරපු ඇය ඉන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ.

ඇය නමින් ජූලියා විජේසිංහ…

ඇය අපේ රටේ සංකෘතිය සහ දේශීය කලාව වෙනුවෙන් කෞතුකාගාරයක් පිහිටුවලා තියෙනවා නිව්යෝර්ක් නගරයේ. මේක තමයි පිටරටක තියෙන ලංකාවේ පළමු කෞතුකාගාරය..

මේ කෞතුකාගාරය පිහිටුවන්න ඇය මහන්සි වී තිබෙන ප්‍රමාණය කියන්න හැකියාවක් නැහැ. මොකද ඒක ඒ තරම් ලොකු කැපකිරීමක්..

ජූලියාගේ අම්මයි තාත්තයි අවුරුදු 30ක් තිස්සේ ජිවත් වෙන්නේ නිව්යෝර්ක් නගරයේ. ජූලියා ඉපදිලා තියෙන්නෙත් නිව්යෝර්ක්වල. දැන් ඇයගේ වයස අවුරුදු 18යි. වයස අවුරුදු 15දි තමා ඇය කෞතුකරාගය නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

ඇයගේ අම්මයි තාත්තයි ලංකාවේ කලාව සහ සංකෘතිය ගැන කියලා දුන්න දේවල් නිසා සහ හැම අවුරුද්දකටම එක්වතාවක් ඇයව අරගෙන ඔහුන් ලංකාවට එන නිසාත් තමයි මේ වැඩේ කරන්න ඇයට් ලොකු ආශාවක් ඇවිත් තියෙන්නේ.

ආශාවක් විතරක් නෙමේ ඇය ඇත්තටම අපේ රට සංකෘතියට සහ කලාවට පුදුමාකාර ආදරයක් දක්වනවා.

ඇය ගොඩක්ම දක්ෂ නර්තනයටලු…

ජූලියා මේ කෞතුකාගාරය පිහිටුවලා තියෙන්නේ ඇයගේ පියාගේ රෙස්ටුරන්ට් එකේ. එහෙම කරන්න හේතුව විදියට ඇය කියන්නේ. රෙස්ටුරන් එකට මිනිස්සු බොහොමයක් එන නිසා ඒ අයට පහසුවෙන් ලංකාවේ කලාව සහ සංකෘතිය ගැන දැනගන්න පුළුවන් කියා.

ඒ වගේම තමා නිව්යෝර්ක්වල තියෙන ලංකාවේ අහාර තියෙන එකම රෙස්ටුරන්ට් එකත් මේකමයි.

ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ ජුලියව සහ ඒ අම්මා තාත්තාව පිටරට හිටියත් අපේ දේ අගය කරනවට.

Loading Facebook Comments ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *