පාසල් ඇඳුමින් අම්බුළුවාව කැලේට ගිය සිසුන් අමුතු වැඩක් කරලා..! සිසුන්ගේ ජංගම දුරකතන පරීක්ෂා කිරීමේදී සියල්ල හෙළිවෙයි..!


මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටින ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුන් 4 දෙනකු සහ තවත් 20 හැවිරිදි තරුණයකු ගම්පොළ අම්බුළුවාව ප්‍රදේශයේ වන ලැහැබක ගංජා පානය කර ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඒවා තම ජංගම දුරකතන වලින් වීඩියෝ කරමින් සිටියදී ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බුළුවාව ප්‍රදේශයේ කැලෑ පෙදෙසක පාසල් නිල ඇඳුම් ඇඳගත් සිසුන් පිරිසක් සිටින බවදුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසියට කළ දැනුම්දීමකට අනුව පොලිසිය කළ සෝදිසියකදී මෙම සිසුන් පිරිස හසු වී තිබෙනවා.

පසුව එම සිසුන්ගේ ජංගම දුරකථන පරීක්‌ෂා කිරීමේදී ගංජා පානය කිරීමෙන් පසු ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට පොලිසියට හමුවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම පාසල් සිසුන් සමඟ අත්අඩංගුවට ගත් ගංජා ලබා දුන් විසි හැවිරිදි තරුණයා ළඟ තිබී තවත් ගංජා මිලිග්‍රෑම් 1205 ක්‌ ද සොයාගෙන තිබෙනවා.

මෙම සිසුන් පාසල්යන මුවාවෙන් නිවසින් පිටවී පාසලට නොගොස්‌ පාසල් ඇඳුම පිටින්ම අම්බුළුවාව කන්ද ප්‍රදේශයේ කැලයට ගොස්‌ මෙම ක්‍රියවන්හි නිරතවී ඇති අතර මේ පිළිබඳව සිසුන්ගේ දෙමාපියන් කැඳවා ඔවුන් ඉදිරියේ පාසල් සිසුන්ට දැඩි ලෙස අවවාද කර දෙමාපියන්ට භාරදී තිබෙනවා. ගංජා ළඟ තිබූ තරුණයා ඊයේ (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ අතර බොහෝ පාසල් සිසුන් මෙම කැලෑ ප්‍රදේශයට පැමිණෙන බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*