කතානායකවරයාට පාර්ලිමේන්තුවේදී කසල බඳුනකින් දමා ගසයි – පාර්ලිමේන්තු අවට ප්‍රදේශයට කථානායක STF ආරක්ෂාව ඉල්ලයි (VIDEO)

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට කසල බඳුනකින් සහ වතුර බෝතලයකින් පහර දී ඇති බව අප වාර්තාකරු සදහන් කර සිටිනවා.මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්භයේදී සිදුවී ඇත.

කතානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිම ඇද වැටී තිබෙනවා.මේ අතර කතානායකවරයාගේ මුලාසනය අසල තිබෙන මයික්‍රෝෆෝනයක් ගලවා දැමීමට උත්සහ කිරීමේදී මන්ත්‍රී දිලුම් අමුණුගමගේ අත තුවාල වී ඔහු රෝහල කරා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ අතක ඇඟිලි දෙකක කැපුම් තුවාල ඇති බවයි වාර්තා වෙන්නේ.එසේම පාර්ලිමේන්තුවේ මතුව ඇති නොසන්සුන්තාවය මත කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.ඒ අනුව එම STF ආරක්ෂාව යෙදවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.පාර්ලිමේන්තුවේ මේ වන විට පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කථානායක කරූ ජයසූරිය මහතා සිය අසුනෙන් නික්ම ගියා.සෙංකෝලයද රැගෙන මෙලෙස කථානායකවරයා නික්ම ගිය බවයි වාර්තා වුණේ.

Loading Facebook Comments ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *