නොදුටු ෆේස්බුක් පෙම්වතුන් හමුවන්නේ බලාගෙනයි – ෆේස්බුක් ව්‍යාජ ගිණුමකට පෙම් කළ රූමත් තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම


ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ ව්‍යාජ ඡායාරූප යොදාගෙන සෑදු ගිණුමකින් පෙනි සිටි වංචාකාර පුද්ගලයෙකුගේ උපක්‍රමයකට බාල වයස්කාර තරුණියක් හසුවූ පුවතක් වාර්තා වෙනවා, මෙවැනි වංචා පිළිබද දැනුවත්ව සිටීමෙන් එම වංචා වලින් වැලකිය හැකි නිසා නෙත් ගොසිප් අප එම පුවත මෙසේ සදහන් කරමු .

මුහුණු පොතෙන් හඳුනාගෙන පෙම් බැඳි තරුණයකු අතින් වයස අවුරුදු 17 ක රූමත් තරුණියක්‌ අතවරයට ලක්‌වූ සිද්ධියක්‌ බලන්ගොඩ වැලිගෙපොල පොලිසියෙන් වාර්තාවේ. වාර්තාවී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය.

මෙම සිදුවීමට මුහුණ දුන් තරුණිය උඩවලව ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි රූමත් තරුණියකි. ඇය ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය ඔස්සේ හදුනාගත් පුද්ගලයෙකු සිට මසක පමණ කාලයක සිට ප්‍රේම සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම පුද්ගලයා එම කාලය තුලදීම ඔහුගේ යැයි කියූ ඡායාරූප පමණක් එම තරුණියට පෙන්වීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ඇය නොදැන සිටි කරුණ නම් තමන් පෙම්වතා යැයි සිතා ප්‍රේම කරනා පුද්ගලයා සැබැවින්ම එම ඡායාරූප වල දැක්වෙන පුද්ගලයා නොවන බවයි.

එලෙසින් ව්‍යාජ ෆේස්‌බුක්‌ ගිණුමේ පළකර තිබූ තරුණයාගේ ඡායාරූපයට වසඟ වූ මේ තරුණිය ඔහු විසින් අටවන ලද උගුලට අසුවිය.

අවසානයේ මෙම පුද්ගලයා විසින් මෙම තරුණිය හමුවීමට අවශ්‍ය බවත් , ඒ සදහා කොළඹ පැමිණෙන ලෙසත් දන්වා තිබේ. ඒ අනුව පසුගිය 20 දා කොළඹට එන ලෙසත් එහිදී හමුවන ආකාරයත් තරුණයා පැහැදිලි කළේය.ඔහුගේ බසට අවනත වන මෙම තරුණිය , සිය ෆේස්බුක් පෙම්වතා දැක ගැනීමට උඩවලව සිට කොළඹට පැමිණීමට පිටත්ව තිබේ. ඒ බස් රථයෙනි.

තරුණිය බස්‌ රථයට ගොඩවූ සැණින් නොදුටු පෙම්වතාට ඇමතුමක්‌ ලබා දුන්නේය. නමුත් ඔහු මැයට ඇමතුම් ලබා දෙමින් සිටියත් කොළඹට බසය කිට්‌ටු වන විට යළි මෙවන් ඇමතුමක්‌ දුන්නේය.

“මට අද කම්පැණියේ හදිසි වැඩක්‌ යෙදුණා. මම කාර් එකත් සූදානම් කරගෙන ඔෆිස්‌ එකේ ඉන්නේ. ඔයාට බහින්න කියන තැනට මගේ යාළුවා එයි. එයත් එක්‌ක එන්න. බය වෙන්න දෙයක්‌ නෑ” යැයි පැවසු මෙම වංචාකරු සිය මිතුරාගේ හැඩරුව පවසා ඔහු හඳුනාගැනීමට දුරකථන අංකයක්‌ද ලබා දුන්නේය.

තවමත් වයසින් නොමේරු , මෙවැනි ගමන් බිමන් නුහුරු එම තරුණියට අත්දැකීම් සීමා සහිතය. එම නිසා ඇය සිය ෆේස්බුක් පෙම්වතාගේ උපක්‍රමය සැක කර නොමැත. බසයෙන් බැස ගත් තරුණිය අදාළ දුරකථනයට ඇමතුමක්‌ ලබාදෙන විටම තරුණයකු මැය වෙත පැමිණ මම ආවේ ඔයාගේ යාළුවගේ වැඩේට. අපි යමු කියා වෙනත් බසයකට ගොඩවී ටික දුරක්‌ පැමිණ අතරමගදී ආපන ශාලාවකට ගොස්‌ කොත්තු රොටී ආහාරයට ගෙන බීම බෝතල දෙකක්‌ද රැගෙන යළි වෙනත් බසයකට ගොඩවී තව “ටික දුරක්‌ යන්න තියෙන්නෙ” කියා පවසා තිබේ.

ඉන්පසු නින්ද ගියමැය අවදිවී බලන විට සිටියේ බළන්ගොඩය. ඉන්පසු තරුණයා පවසා ඇත්තේ “අපි දැන් අක්‌කලාගේ ගෙදර යමු. යාළුවට හෙට උදේ එහාට එන්න කියමු” කියා හඳගිරිය ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස්‌ රාත්‍රියේදී ඇයට අතවර කර ඇත. කෙසේ වෙතත් ඒ වනවිටත් එම තරුණියගේ දෙමාපියන් , සිය දියණිය නිවසේ නොමැති නිසා ඇයව සෙවීමට ආරම්භ කර තිබේ. අනතුරුව තරුණිය විසින් ලබාදුන් දුරකථන පණිවුඩයට අනුව වැඩිහිටියන් සමග පොලිසියට ගොස්‌ තරුණිය සොයා ගෙන තිබේ.

කෙසේ වෙතත් සැකකාර තරුණයා මේ වනවිට පලා ගොස් තිබෙන බව සදහන්.

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය භාවිතා කරන සැමටම මෙම සිදුවීම ආදර්ශයක් වන අතර මෙවැනි වංචාකරුවන්ගෙන් හා ව්‍යාජ ගිණුම්වලින් ප්‍රවේසම් වීමට සියලූම දෙනා වගබලා ගත යුතුය. මේ අතර වසරේ මේ දක්වා කාළය තුල මෙරට පවත්වා ගෙන ගිය මෙවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙන බව සදහන්. ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන මෙම ගිණුම් අත්හිටුවීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන තිබේ.

මේ වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි 3400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් ආයතනයට කරන ලද දැනුම් දීම මත ෆේස් බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවත් පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මාධ්‍යයට පවසනවා.


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*