අඩි තුනක් දිග ශිෂ්ණයක් හා රාත්තල් 11 ක් බර වෘෂණ කෝෂ නිසා පාසලෙන් අයින් කරපු තරුණයෙක්


ලොව නන් දෙසින් අමුතු අසාමාන්‍ය ශරීර අවයව පිහිටීම් පිළිබඳ වාර්තා වනවා.ලංකා වීඩියෝ සෝන් වෙත වාර්තා වුණු මෙයත් එවන් කතාවක්.හොරේස් ඔවිටි ඔපියෝ කෙන්යාවේ ඉතා දිළිඳු පවුලක ජිවත් වන තරුණයෙක්. සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව ඔහුගේ ලිංගික අවයව විසි ගුණයක් විශාල වීම නිසා ඇවිදීමට හෝ කිසිඳු වැඩක් පලක් කිරීමට අපහසු තත්වයෙන් පසු වීම හා අසාමාන්‍ය ශරීරය නිසාත් පාසලෙන් නෙරපා හරිය ඔහු ඉතා අසරණ තත්වයට පත්වෙනවා.

අඩි තුනක් දිගට පුරුෂ ලිඟුව එල්ලා වැටීමත් ඉතා විශාල රාත්තල් 11 ක් බර වෘෂණ කෝෂත් නිසා  සාමාන්‍ය ඇඳුම් ඇඳීමට නොහැකි ඔහුගේ මෙම තත්වය ජිවිතයට විශාල තර්ජනයක් වීම නිසා සැත්කමක් කිරීමට තීරණය කරනවා.මීට පෙරත් ලිංගේන්ද්‍රිය කුඩා කිරීමේ සැත්කම් විස්සකට පමණ ඔහු මුහුණ  දී තිබුන මුත් එහි සාර්ථක ප්‍රතිපල නොලැබුණු අතර සිදු වූ එකම දෙය නම් එය විසි ගුණයක් පමණ විශාල වීමයි.

2006 වසරේදී මුල්ම වතාවට ඔහුගේ ලිංගේන්ද්‍රිය මත සැදුණු විසප්පු ගෙඩියක් ඉවත් කිරීමට කරන ලද සැත්කමෙන් පසු 2007 වසරේදී මෙලෙස ඔහුගේ ශිෂ්ණය හා වෘෂණ කෝෂ වල වර්ධනය වීම ආරම්භ වි තිබුණා.එකල ඔහු පාසල් ශිෂයෙක් වූ අතර ඔහුගේ මෙම අසාමාන්‍ය ශරීර අවයව නිසා ඔහුව පාසලෙන් නෙරපා දැමුවා.

මෙම තත්වයට හේතුව ලෙස මදුරුවකු දෂ්ට කිරීම නිසා රුධිර වාහිනී තුල පර පෝෂිත පණුවන් වර්ධනය වීමත් ඔවුන් ශරීරයේ අපවහන නල අවහිර කිරීමත් නිසා විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් දෙමව්පියන් මියගිය පසු මිත්තණිය හා සහෝදරයා සමඟ ජිවත් වූ මොහුගේ මෙම දුක්ඛිත තත්වය දැක ඔහුගේ අසල්වැසියෙකු මෙම විස්තරය පින්තුර සහිතවම ෆේස් බුක් සමාජ ජාලය හරහා ප්‍රචාරය කරමින් ඔහුට උදව් ඉල්ලා තිබුණා.මෙය අසාමාන්‍ය ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වුණු අතර එරට ඉහල පෙළේ රජයේ නිලධාරියෙකුගේ බිරිඳක් විශේෂ වෛද්‍යවරයෙකුගේ අවධානයට මෙය යොමුකර උදව් ඉල්ලා තිබුණු අතර ඔහු මෙම තරුණයාට කළ සැත්කම සාර්ථක වි තිබෙනවා.

සැත්කමෙන් පසු ඔහුගේ ශරීරයට දැනෙන සැහැල්ලුව පිළිබඳව ඉතාමත් සතුටින් පසුවන ඔහු දැන් පිහිනීමට පාපන්දු ක්‍රීඩා කිරීමට හා ඉදිරියේ නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවෙන් පසුවන බවත් ප්‍රකාශ කර සිටිනවා.


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*