13 වියැති පුතා සිය මවට කළ ඇදහිය නොහැකි අපරාධය වීඩියෝ කර අන්තර්ජාලයටත් මුදාහරියි


තම මව ඝාතනය කිරීමේ චෝදනාවට 13 හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ දරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු විසින් මවගේ හිස ද සිරුරෙන් වෙන්කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම මෙම පිරිමි දරුවා සිය මව ඝාතනය කරන ආකාරය වීඩියෝගත කර ඇති අතර එය සමාජ මාධ්‍ය වෙත ද මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

චීනයේ ජනප්‍රිය සමාජ ජාල මාධ්‍යයක් ඔස්සේ අදාළ පිරිමි ළමයා විසින් එම වීඩියෝව තම මිතුරන්ට ද යවා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඉන් එක් මිතුරෙකු අදාළ වීඩියෝව ඔහුගේ මවට පෙන්වීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් 13 හැවිරිදි පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු ඉගෙනුම ලබන පාසල තුළ දී.

සිචුවාන් ප්‍රාන්ත ආරක්ෂක අංශ මෙම තොරතුරු තහවුරු කර ඇතත් මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර කරුණු හෙළිකර නැහැ.

පසුගිය ඉරිදා රාත්‍රි ඝාතනය සිදුව තිබෙනවා.

සැකකාර පිරිමි ළමයා මව ඝාතනය කර ඇයගේ හිස කඳින් වෙන්කර එය කසල බඳුනකට දමා තිබෙනවා.

පසුව එම හිස ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*