ගුවන් යානාවක් තවත් ජෙට් යානාවක් සමග ගැටී දෙකක් ගැටෙයි.වීඩියෝ දර්ශන හා චායරූප සහිතයි


කැනඩාවේ ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී ගුවන් යානයක් තවත් ජෙට් යානාවක් සමග ගැටී එක් ගුවන් යානයක වලිග කොටස ගිනිගෙන දැවී තිබෙනවා.

කෙසේ නමුත් මගීන් 168 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිටි බෝයිං 737 – 800 යානයේ සියල්ලන් කඩිනමින් ඉවත් කරගැනීමට හැකිවී ඇති බව සඳහන්.

යානය ගැටුණු අනෙක් ජෙට් යානයේ අනතුර සිදුවන අවස්ථාවේ කිසිවෙකු නොසිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මාස 5 ක් ඇතුළත වාර්තාවූ දෙවන යානා ගැටුම මෙයයි.

පසුගිය අගෝස්තු මාසයේදී කැනඩා සහ පෝලන්ත ජෙට් යානා දෙකක තටු ටොරොන්ටෝ ගුවන් තොටුපලේදී එකිනෙක ගැටුණු අතර යානාවලට එහිදී හානි සිදුවුණා.

එහෙත් එහිදීද ගුවන් මගීන් කිසිවෙකුට අනතුරක් සිදුවූයේ නැහැ.

වීඩියෝව පහතින් බලන්න

 


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*